එක් පන්දුවකට review දෙකයි ; review එකේ තීරණය අශ්වින් යළි review කරයි

Date:

විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) ඔස්සේ තෙවැනි විනිසුරු සංශෝදනය කළ තීරණයක් ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක ආර් අශ්වින් විසින් යළි විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය හරහා අභියෝගයට ලක් කිරීමේ සිද්ධියක් තමිල් නාඩු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් වාර්තා වනවා.

Coimbatore හී දී Dindigul Dragons කණ්ඩායම හා Ba11sy Trichy කණ්ඩායම අතර පැවැති තරගයේ දී යි මෙම සිද්ධිය වී ඇත්තේ.

තරගයේ Trichy ඉනිමේ 13 වැනි පන්දුවාරය අශ්වින් විසින් යොමු කළ අතර, එහිදී R Rajkumar කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බව පිටියේ විනිසුරු K Srinivasan තීන්දු කළා.

එම තීරණය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කිරීමට පිතිකරු Rajkumar කටයුතු කළ අතර, එහිදී තෙවන විනිසුරු තීරණය කළේ එය නොදැවී යාමක් ලෙසයි.

පන්දුව පිත්ත ආසන්නයට ළගා වීමට මොහොතකට පෙර UltraEdge තාක්ෂණය ඔස්සේ යම් ශබ්ද තරංගයක් දැක ගත හැකි වූ නමුත්, එය පිත්ත තණතීරුවේ වැදීම නිසා ඇති වන ශබ්ද තරගයක් ලෙසයි හදුනා ගැණුනේ.

කෙසේ වෙතත්, තෙවන විනිසුරුගේ එම තීරණයට එකග නොවූ අශ්වින් තෙවන විනිසුරු සංශෝදනය කළ තීන්දුව යළිත් වරක් ඔහු විසින් ද විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය හරහා අභියෝගයට ලක් කිරීමට කටයුතු කළා.

ඒ අනුව තෙවන විනිසුරුට යළි එම තීරණය සලකා බැලීම සදහා යොමු කෙරුණු නමුත් තෙවන විනිසුරු යළිත් තීරණය කළේ එය දැවීයාමක් නොවන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...