ආසියානු කුසලානය පැවැත්වෙන රටවල් හා දින නිවේදනය කෙරේ

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පවත්වන බව ආසියානු ක්‍රිකට් කවුන්සලය අද (15) පස්වරුවේ දී නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ක්‍රීඩා කරන තරගාවලියට තරග 13 ක් ඇතුළත්.

ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ දී ද, අනෙකුත් තරග 9 ශ්‍රී ලංකාවේ දී ද පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීම හේතුවෙනුයි මෙලෙස පාකිස්තානයට සත්කාරක අයිතිය හිමි මෙවර ආසියානු කුසලාන තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිදුව ඇත්තේ.

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි. එක් එක් කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, සුපිරි 4 වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...