බංග්ලාදේශය ලකුණු 370 ක් ඉදිරියෙන්

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(15) නිමා වුණේ තරගයේ පාලනය සත්කාරක කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 134 ක් ලබා සිටියා. සාකීර් හසාන් හා නජ්මුල් හොසේන් ලකුණු 54 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 362 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 382 ක්.

නජ්මුල් හොසේන් ලකුණු 146 ක් රැස් කළ අතර, මහ්මුදුල් හසාන් ලකුණු 76 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී නිජට් මසූඩ් ලකුණු 79 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි. අෆ්සාර් සසායි ලකුණු 36 ක් රැස් කළ අතර, නසීර් ජමාල් ලකුණු 35 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් ලකුණු 47 කට කඩුලු 4 ක් බිද හෙලූ අතර, ටයිජුල් ඉස්ලාම් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට බංග්ලාදේශය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 370 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...