ඉන්දීය කාන්තා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම සීමිත පන්දුවාර තරගාවලියක් සදහා ජූලි මාසයේ දී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එහිදී මීර්පූර්හි Sher-e-Bangla ජාතික ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට තීරණය කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

ඒ අනුව වසර 11 කට පසුව Sher-e-Bangla ක්‍රීඩාංගනයේ දී කාන්තා ජාත්‍යන්තර තරගයක් පවත්වන පළමු අවස්ථාව බවට එය පත් වනු ඇති. 2012 වසරේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අවසන් වරට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේ දී තරගයක් ක්‍රීඩා කර තිබුණා.

තරග සංචාරය ආරම්භ කරමින් ජූලි 6 වැනිදා ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට පැමිණීමට නියමිතව ඇති අතර, සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූලි 9, 11 හා 13 වැනිදා 20යි 20 තරග පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලියේ තරග 16, 19 හා 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...