සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2 කින් යුත් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා A සංචිතය නිවේදනය කර තිබෙනවා.
නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
විශ්ව ප්‍රනාන්දු සංචිතයට නම් කර තිබූ නමුත්, ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඒ අනුව ඔහු වෙනුවට ලහිරු සමරකෝන් සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට ශශික දුල්ෂාන් දෙවැනි සිව්දින තරගය සදහා වන සංචිතයට ආදේශ කෙරෙන බව ද ක්‍රිකට් ආයතනය කියා සිටියා.
සිව්දින තරග 2 දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, පළමු සිව්දින තරගය හෙට (12) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.
ශ්‍රී ලංකා A සංචිතය –
1. Nishan Madushka
2. Lasith Croospulle
3. Kamindu Mendis – Vice Captain
4. Pasindu Sooriyabandara
5. Nipun Dhananjaya – Captain
6. Lahiru Udara (WK)
7. Janith Liyanage
8. Lasith Embuldeniya
9. Lakshitha Rasanjana
10. Dilshan Madushanka
11. Milan Rathnayake
12. Praveen Jayawickrama
13. Vishwa Fernando – will not play owing to injury.
14. Ramesh Mendis
15. Minod Bhanuka (WK)
16. Nuwanidu Fernando

