බුලවායෝ හී දී ශ්‍රී ලංකා කණ්ඩායමට වුණ දේ ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

Date:

අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට එරට දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප පිළිබද පැහැදිලි කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින බුලවායෝ නුවර හෝටලයේ දී යි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම අපහසුතාවයට මුහුණ දීමට සිදුව තිබුණේ.

හෝටලය සදහා ක්‍රීඩකයින් ඇතුළු කිරීමේ ක්‍රියාවලියේ දී (check-in) ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් ක්‍රීඩකයින්ට බිම අසුන්ගෙන සිටීමට සිදු වූ ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දහවල් කාලයේ දී එම හෝටලය වෙත පැමිණ තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට මොහොතකට පෙර තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් එම හෝටලය වෙත පැමිණ තිබූ අතර, එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටලයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය (check-in) ඒ වන විට සිදු වෙමින් පැවැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමට බලපෑ බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසුව කෙටි කාලයක් තුළ එම ගැටලුව විසදා ගැනීමට හැකි වී තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ජූනි 13 වැනිදා හා ජූනි 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙලින් නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කාලසටහන –

Monday, 19 June
Sri Lanka v UAE, Queen’s Sports Club

Friday, 23 June
Sri Lanka v Oman, Queen’s Sports Club

Sunday, 25 June
Sri Lanka v Ireland, Queen’s Sports Club

Tuesday, 27 June
Sri Lanka v Scotland, Queen’s Sports Club

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...