කෝලි-රහානේ ඉන්දියාවට බලාපොරොත්තුවක් ගෙනෙයි ; ඔස්ට්‍රේලියාව ජයග්‍රහනයට කඩුලු 7ක් පිටුපසින්

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ සිව්වැනි දිනය අද(10) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ වැඩි පාලනය තවදුරටත් ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 164 ක්. ඒ අනුව ඔවුන් මේ වන විට ජයග්‍රහනය සදහා තවත් ලකුණු 280 ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු 44 ක් හා අජින්කෙයා රහානේ ලකුණු 20 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 71 ක්.

ෂුබ්මන් ගිල් ලකුණු 18 කටත්, රෝහිත් ෂර්මා ලකුණු 43 කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 27 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ් හා නේදන් ලයන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 66 ක් ද, මර්නස් ලබුෂේන් හා මිචෙල් ස්ටක් ලකුණු 41 බැගින් ද රැස් කළා. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් බිද හෙලූ අතර, මොහමඩ් ෂාමි හා උමේෂ් යාදව් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු  469 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 296 ක්.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...