සින්ක්ලෙයාර්ගේ කඩුලු 4 හා ඇලික්ගේ ලෝක වාර්තාව කොදෙව්වන්ට පූර්ණ තරගාවලි ජයක් හිමි කර දෙයි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් කොදෙව්වන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සාජාහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් කණ්ඩායම පන්දුවාර 36.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 184 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 35.1 ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එමීර් කණ්ඩායම වෙනුවෙන් Vriitya Aravind ලකුණු 70 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත්තා.

කොදෙව් පිළිතුරු ඉනිමේ දී Alick Athanaze ලකුණු 65 ක් රැස් කළේ පන්දු 45 කින්. මෙය ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින තරගය වූ අතර, හයේ පහර 3 ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු පන්දු 26 කින් සිය අර්ධ ශතකය වාර්තා කළා. එය එක්දින ජාත්‍යන්තර වරම් දිනූ තරගයේ දී පිතිකරුවෙකු වාර්තා කළ සම වේගවත්ම අර්ධ ශතකයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...