දික්වැල්ලගේ හා ධනංජයගේ සුපිරි දක්ෂතා හමුවේ එන් සී සී හා කෝල්ට්ස් අවසන් මහා තරගයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (Major Clubs T20 Tournament) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එන් සී සී කණ්ඩායම හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අද(9) සමත් වුණා.

ඒ, අද පැවැති අවසන් පූර්ව තරගවලදී පිළිවෙලින් මුවර්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පරාජයට පත් කරමින්.

පළමු අවසන් පූර්ව තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී එන් සී සී කණ්ඩායම හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති අතර, එම තරගයෙන් එන් සී සී කණ්ඩායම ජය වාර්තා කළේ කඩුලු 7කින්.

තරගය අතරමගදී වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 13 කට සීමා වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එන් සී සී පිල පන්දුවාර 9.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 26 කින් නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් සමගින්. සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 44 යි.

දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර පැවැත්වුණේ ද පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදීමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා. පවන්ත වීරසිංහ ලකුණු 73 ක් ලබා ගත්තේ පන්දු 52 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්. පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් පිල පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යමින් කඩුලු 5 ක ජයක් වාර්තා කළා.

ධනංජය ලක්ෂාන් පන්දු 32 කින් ලකුණු 51 ක් රැස් කළා. හයේ පහර 3 ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 36 (27) යි.

අවසන් මහා තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...