ආසියානු කුසලානය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අනුමැතිය හිමිවන ලකුණු

Date:

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ දෙමුහුන් යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය පැවැත්වෙන දෙවැනි රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට නියමිතව ඇති බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

තරගාවලියට අයත් තරග 13 න් තරග 4 ක් හෝ 5 ක් පාකිස්තානයේ දී පැවැත්වීමට මෙම දෙමුහුන් යෝජනාවෙන් යෝජනා කර ඇති බව සදහන්.

ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මෙම සති අන්තයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද espncricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සැප්තැම්බර් 1-17 දක්වා ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති අතර, පාකිස්තාන අදියරට අයත් තරග ලාහෝර් හී දී පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

මෙම දෙමුහුන් යෝජනාවට අනුමැතිය හිමි වුවහොත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තානයේ සහභාගීත්වයට ද බාධාවක් එල්ල නොවනු ඇති.

ආසියානු කුසලාන තරගාවලිය සදහා පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මෙලෙස දෙමුහුන් යෝජනාවක් ඉදිරිපත් කළේ.

පළමුව පාකිස්තානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලිය පැවැත්වීමට පාකිස්තානය යෝජනා කර තිබුණේ ඉන්දු-පාකිස්තාන තරගවලින් ප්‍රවේශ පත්‍ර ඔස්සේ වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත්, එමීර් රාජ්‍යයේ සැප්තැම්බර් මාසයේ පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව එම යෝජනාවට විරුද්ධත්වය පල කර තිබුණා.

සමස්ත තරගාවලියම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...