IPL පිටියට පළමු වරට අමෙරිකානුවෙක් – කොල්කටා පිල තහවුරු කරයි

Date:

තම කණ්ඩායම විසින් අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සමග මෙවර අයි.පී.එල් තරග වාරය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ බව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ Harry Gurney වෙනුවටයි.

ඒ අනුව 29 හැවිරිදි අලී ඛාන් ඉතිහාසගත වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමකට ඇතුළත් වූ පළමු අමෙරිකානු ක්‍රීඩකයා ලෙසයි.

ඔහු නිමා වූ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කළා.

ඒ, තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශූරතාවය දිනා ගත් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන්.

එහිදී ඔහු තරග 8කට ක්‍රීඩා කර කඩුලු 8ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...