දකුණු අප්‍රිකා ක්‍රිකට් අර්බුදය : “මෙය රජයේ මැදිහත් වීමක් නොවේ” – SASCOC කියයි

Date:

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය හා ඔලිම්පික් කමිටුව (SASCOC) විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, පසුගියදා ඔවුන් විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් එහි පාලනය සියතට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්.

එම ලිපිය ඔස්සේ ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම මැදිහත් වීම කිසිසේත් රජයේ මැදිහත් වීමක් ලෙස සැලකිය නොහැකි බවයි.

“අපගේ මැදිහත් වීම රජයේ මැදිහත් වීමක් ලෙස චෝදනා කිරීම SASCOC ප්‍රතික්ෂේප කරනවා.”

යනුවෙන් එම ලිපියේ සදහන්.

“කිසිදු අවස්ථාවක SASCOC රටේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ රජයේ, මග පෙන්වීම යටතේ හෝ පාලනය යටතේ කටයුතු කර නැහැ.”

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ද මේ වන විට මෙම මැදිහත් වීමේ වලංගුභාවය සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

අයි.සී.සී නීති ප්‍රකාරව කිසිදු ක්‍රිකට් ආයතනයක් සදහා රජයේ මැදිහත්වීමක් සිදු විය නොහැකියි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජාත්‍යන්තර තරග තහනම් වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...