ඉන්දීය ක්‍රිකට් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නැතිව කල් යයි

Date:

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදය සැලකිල්ලට ගනිමින්.

වාර්ෂික මහා සභා රැස්වීම මාර්ගගත (online) ක්‍රමවේදයට ද පැවැත්විය නොහැකි බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ.

ඔවුන් මේ පිළිබද පැහැදිලි කරමින් එරට ප්‍රාන්ත ක්‍රිකට් සංගම් වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

නීති සහ රෙගුලාසි ප්‍රකාරව සෑම වසරකම සැප්තැම්බර් 30 වනදාට පෙර මෙම රැස්වීම පැවැත්විය යුතු වනවා.

අවසන් වරට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීමක් පැවැත්වුණේ 2019 වසරේ දෙසැම්බර් පළමු වැනිදායි.

ඒ, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ පාලනාධිකාරියේ සිදු වූ වෙනසත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...