එක්සත් අරාබි ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Amir Hayat සහ Ashfaq Ahmed ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබෙනවා.

ඒ, ඔවුන්ට එරෙහි තරග පාවාදීමේ චෝදනා හේතුවෙන්.

අයි.සී.සී දූෂන මර්දන පනතේ වගන්ති 5ක් උල්ලංඝනය කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

ඊට පිළිතුරු සැපයීම සදහා එම ක්‍රීඩකයින් දෙදෙනාට හිමිව ඇති කාලය සති දෙකක් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Ashfaq Ahmedට එරෙහිව මීට පෙර එමිරේට්ස් ක්‍රිකට් ආයතනය ද ක්‍රිකට් තහනමක් පැනවීමට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී කටයුතු කළේ අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය අතරතුර දී යි.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව මෙතෙක් විධිමත් චෝදනා ගොණු කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...