ලකුණු 3ට කඩුලු 4ක් දැවී යාමෙන් ඔස්ට්‍රේලියාවට අනපේක්ෂිත පරාජයක්

Date:

එංගලන්ත පන්දු යවන්නන් පිත්තෙන් සහ පන්දු යැවීමෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 231ක් පමණයි.

නායක ඉයන් මෝර්ගන් ලකුණු 42ක් සහ ජෝ රූට් ලකුණු 39ක් රැස් කළා.

ක්‍රිස් වෝක්ස් ලකුණු 26යි.

ලකුණු 149ට කඩුලු 8ක් දැවී ගොස් තිබූ අවස්ථාවක 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබදතාවයක් ගොඩ නැගීමට ටොම් කරන් සහ අඩිල් රෂීඩ් සමත් වුණා.

ටොම් කරන් ලකුණු 37ක් ලබා ගත් අතර, අඩිල් රෂීඩ් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 35ක්.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

මැදපෙල පිතිකරු මර්නස් ලබුෂේන් ලකුණු 48කට දැවී යන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 3ට ලකුණු 144 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඉනිම කඩා වැටීම ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.

එහිදී පන්දු 21ක් තුළ ඔස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 3කට දැවී යාම විශේෂත්වයක්.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 73යි.

ඇලෙක්ස් කෙරී ලකුණු 36කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝකස්, ජොෆ්ර ආචර් සහ සෑම් කරන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...