ලැන්කෂයර් නායකත්වය ලිවින්ග්ස්ටන්ට

Date:

මෙවර එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලියේ දී (T20 Blast) ලැන්කෂයර් කණ්ඩායමේ නායකයා ලෙස ප්‍රහාරාත්මක පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් පත් කර තිබෙනවා.

ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, මේ වන විට ඔහු යළි එංගලන්තය වෙත පැමිණ ඇති බවයි ලැන්කෂයර් කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව අද(25) Leicestershire කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය සදහා ලිවින්ග්ස්ටන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මීට පෙර 2018 වසරේ දී ද ලියම් ලිවින්ග්ස්ටන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

ලැන්කෂයර් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ කීටන් ජෙනින්ග්ස් පසුගිය මාසයේ දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙනුයි ඔහු වෙනුවට ලිවින්ග්ස්ටන් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...