Watch : ස්ටොයිනිස්ගේ හා ගෞතම්ගේ අවාසනාවන්ත දුවද්දී දැවී යාම්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(24) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයේ දී (Eliminator) අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම් දෙකකට හසු වීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු මර්කස් ස්ටොයිනිස්ට හා කේ ගෞතම්ට සිදු වුණා.

චෙන්නායි හී දී පැවැති මෙම තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් ලබා ගනිමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි. ලක්නව් ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3ක් වාර්තා වීම කැපී පෙනුණා.

ලක්නව් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ස්ටොයිනිස් දැවී ගියේ පන්දු 27 කින් ලකුණු 40 ක් ලබා සිටි අවස්ථාවකයි. ඔහු දෙවැනි ලකුණක් කරා දිව යාමේ දී අනෙක් අන්තයේ රැදී සිටි පිතිකරු වූ දීපක් හූදා සමග තණතීරුව මැදදී ගැටීමක් සිදු වූ අතර, ඒ හේතුවෙනුයි ස්ටොයිනිස්ට දුවද්දී දැවී යාමට සිදු වුණේ.

අනතුරුව 7 වැනි කඩුල්ල ලෙස කේ ගෞතම් ද ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...