එංගලන්ත හා අයර්ලන්ත ටෙස්ට් සංචිතවලට වෙනස්කම් දෙකක්

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතයට Josh Tongue ඇතුළත් කර තිබෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති 25 හැවිරිදි ඔහු මෙලෙස සංචිතයට නම් කර ඇත්තේ ජේම්ස් ඇන්ඩර්සන් හා ඔලී රොබින්සන් සුළු ආබාධවලට ලක්වීමත් සමගයි.

පෙබරවාරි මාසයේ දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය සදහා ද Josh Tongue එක් වුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති දෙවැනි සිව්දින තරගයේ දී ඔහු ලකුණු 34 කට කඩුලු 5 ක් හා ලකුණු 77 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, එංගලන්තයට එරෙහි සිය සංචිතය සදහා ද වෙනස්කමක් සිදු කිරීමට අයර්ලන්තය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින Conor Olphert වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Matthew Foster සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගය ජූනි පළමු වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...