ආසියානු කුසලානය ගැන නිවේදනයක් ළගදීම ; ශ්‍රී ලංකාව ගැනත් දැඩි අවධානය

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති නජාම් සෙතී ඉදිරිපත් කළ දෙමුහුන් යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණවලට එළඹීමට නියමිතව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ආසියානු කුසලානය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් පාකිස්තානය මෙම දෙමුහුන් යෝජනාව ඉදිරිපත් කළා.

එහිදී තරග 4 ක් හෝ 6 ක් පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ඉන්දියාව ක්‍රීඩා කරන තරග ද ඇතුළත්ව සෙසු සියලු තරග වෙනත් රටකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සදහන්.

මේ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන මැයි 28 වැනිදා ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ප්‍රධානීන් එදින පැවැත්වෙන අයි.පී.එල් අවසන් මහා තරගය වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන බවත්, එහිදී ආසියානු කුසලානය පිළිබද සාකච්ඡා පවත්වා නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ ඇති බවත් සදහන්.

මේ වන විට පවතින ගැටලුව වී ඇත්තේ පාකිස්තානය හැරුණු විට තරග පැවැත්වෙන දෙවැනි රට ශ්‍රී ලංකාව ද ? එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ? යන්න බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ දෙවැනි රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය යොදා ගන්නා ලෙසට ඉල්ලීමක් සිදු කිරීම සදහා එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු අයි.පී.එල් තරගාවලිය අතරතුර දී ඉන්දියාවට පැමිණ සිටි බව ද සදහන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් හා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ශාහ් තරගාවලිය සාජා, ඩුබායි හා අබුඩාබි හී දී පැවැත්වීමට කැමැත්තක් නොදක්වා තිබූ බවත්, ඔහුගේ කැමැත්ත වී තිබුණේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තරගාවලිය පැවැත්වෙන සැප්තැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින අධික උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට මීට පෙර විරෝධය පල කළ අතර, මේ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී වැඩිදුරටත් සාකච්ඡා පවත්වනු ඇති.

ඉතිරි තරග එක්සත් අරාබියේ දී පැවැත්වීමට පාකිස්තානයේ කැමැත්ත පවතින නමුත්, එම තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ද ඔවුන් එකගවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...