ඇෆ්ඝනිස්තානය කොළඹ දී වැඩ අල්ලයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් දිවයිනට පැමිණි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් අද (25) පුහුණුවීම් ආරම්භ කරනු ලැබුවා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ඔවුන් සිය පළමු පුහුණුසැසියට එක් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් මෙරට දී සතියක පුහුණු කදවුරකට එක්වීමට නියමිත බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණා.

හෂ්මටුල්ලාහ් ශහිඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් ඛාන් හා නූර් අහ්මඩ් ද සංචිතයට ඇතුළත්ව ඇතත්, ඔවුන් දෙදෙනා අයි.පි.එල් තරගාවලිය යටතේ ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන සියලු තරග අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙනු ඇති.

ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...