තුන් ඉරියව් දක්ෂතා මුම්බායි Qualifier 2 තරගයට රැගෙන යයි ; මද්වල්ගෙන් කඩුලු 5 ක්

Date:

ආකාශ් මද්වල්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා මුම්බායි පන්දු රකින්නන් දැක් වූ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(24) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එළඹෙන 26 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී මුබ්බායි කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

චෙන්නායි හි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ප්‍රෙරක් මන්කඩ් ලකුණු 3කටත්, ක්යල් මේයර් ලකුණු 18 කටත් දැවී ගියා. කෘනාල් පාන්ඩ්යා ලකුණු 8 යි. අයුෂ් බදෝනි එක් ලකුණකට හා නිකලස් පූරාන් ලකුණු නොලබා සිටියදී පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ආකාශ් මද්වල් සමත් වුණේ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී යි. ඒ අනුව 10 වැනි පන්දුවාරය නිමා වන විට ලක්නව් ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 5 ක් දැවී ලකුණු 75 ක් ලෙසයි.

ලක්නව් බලාපොරොත්තු සුන් කරමින් මාර්කස් ස්ටොයිනිස් පන්දු 27 කින් ලකුණු 40 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. දීපක් හූදා ලකුණු 15 යි. ලක්නව් ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3ක් වාර්තා වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ආකාශ් මද්වල් පන්දුවාර 3.3 ක් යොමු කරමින් ලකුණු 5 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.(දර්ශන පහතින් නරඹන්න)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා ලකුණු 11 ක් හා ඉෂාන් කිෂාන් ලකුණු 15 ක් රැස් කළා. අනතුරුව තෙවැනි කඩුල්ලට පන්දු 38 කින් 66 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කැමරන් ග්‍රීන් හා සූර්යකුමාර් යාදව් සමත් වුණේ මුම්බායි කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට අවශ්‍ය පදනම සකස් කරමින්.

කැමරන් ග්‍රීන් ලකුණු 41(23) ක් හා සූර්යකුමාර් යාදව් ලකුණු 33(20)ක් රැස් කළ අතර, එම කඩුලු දෙකම ඉනිමේ 11 වැනි පන්දුවාරයේ සිව්වැනි හා 6 වැනි පන්දුවලදී දවා ගැනීමට නවීන් උල් හක් සමත් වුණා.

තිලක් වර්මා ලකුණු 26(22) ක් ද, නෙහාල් වදේරා ලකුණු 23(12) ක් ද ලබා ගත් අතර, ටිම් ඩේවිඩ් ලකුණු 13(13)යි.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් ලකුණු 38 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. යශ් තාකූර් ලකුණු 34 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...