Watch : ග්‍රීන්ගේ පිට ඉන්න ගැලවූ නවීන්ගේ සුපිරි පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(24) රාත්‍රියේ ආරම්භ වූ අවසන් වටයේ දෙවැනි තරගයේ දී (Eliminator) විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්යකුමාර් යාදව්ගේ හා කැමරන් ග්‍රීන්ගේ කඩුලු දෙකම එක් පන්දුවාරයකදී දවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් සමත් වුණා.

චෙන්නායි හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් ලබා ගනිමින්.

කැමරන් ග්‍රීන් ලකුණු 41(23) ක් හා සූර්යකුමාර් යාදව් ලකුණු 33(20)ක් රැස් කළා.

එම කඩුලු දෙකම ඉනිමේ 11 වැනි පන්දුවාරයේ සිව්වැනි හා 6 වැනි පන්දුවලදී දවා ගත්තේ නවීන් උල් හක් විසින්. ඔහු විසින් යොමු කළ වේගය අඩාල කළ පන්දු දෙකකදී එම කඩුලු දෙක බිද වැටුණා.

නවීන් මෙම තරගයේ දී ලකුණු 38 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

සූර්යකුමාර්ගේ හා ග්‍රීන්ගේ කඩුලු දෙක පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...