ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න අවස්ථාවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ.

එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

මූලික අදියර හෙවත් Level 0 සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගිවීමට කැමැති වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට මේ සදහා අයැදුම් කළ හැක.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල්වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට (PTI) සහ කාන්තා ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වේ. එහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද වයඹ, උතුරු මැද සහ උතුර යන පළාත ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද, දකුණ සහ ඌව පළාත් එක් කේන්ද්‍රස්ථානයකදීද සහ බස්නාහිර පළාතේද මෙම පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක වනු ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමේ පටන් ක්‍රියාත්මක අදියර 0 සිටම පාඨමාලාව ක්‍රියාත්මක වීමය.

මේ සඳහා උනන්දුවන කාන්තාවන්ට මෙම අදියර නිමාවීමෙන් පසු ඉදිරියේදී පුහුණු අදියර i, ii, සහ iii යන (Level i, Level ii, Level iii) පාඨමාලාවන් හැදෑරීමෙන් පසු ජාත්‍යන්තරය දක්වා යෑමේ අවස්ථාව උදාකරදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒකයන අභිප්‍රාය වී තිබේ.

ඒ ඒ පළාත් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා පුහුණු උපදේශකයින් පත් කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් ඇමැතීමෙන් ලබාගත හැක.

මධ්‍යම සහ නැගෙනනහිර පළාත වෙනුවෙන් 0743442505 යන අංකයටද, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත වෙනුවෙන් 0777718303 යන අංකයටද, දකුණ සහ ඌව පළාත වෙනුවෙන් 0743449388 යන අංකයටද, සහ බස්නාහිර පළාත වෙනුවෙන් 0743451550 යන දුරකථන අංකයටද අමතා වැඩිදුර තොරතුරු දැනගත හැක.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...