රොබින්සන් ගැන සුබ ආරංචියක්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ගේ ආබාධ තත්ත්වය බරපතල නොවන බව අනාවරණය වී තිබෙනවා.

ඔහු වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ රොබින්සන් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් Glamorgan කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ සිව්දින තරගයේ දී වම් වළලුකර ප්‍රදේශයේ සුළු ආබාධයකට ලක්ව තිබුණා. ඒ අනුවයි ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණේ.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය යහපත් බැවින් ජූනි පළමු වැනිදා අයර්ලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රොබින්සන්ට හිමි වනු ඇති.

ඒ අනුව ඔහු මෙම සති අන්තයේ දී එංගලන්ත ටෙස්ට් සංචිතය සමග එක්වීමට ද නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...