ස්මිත් දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙනුත් සමත් වෙයි

Date:

ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරු ස්ටීව් ස්මිත්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, ඔහු මුහුණ දුන් දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙන් ද සමත්වීම හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී හිසට සිදු වූ අනතුරක් නිසා ඔහු ඊයේ (11) පැවැති පළමු එක්දින තරගයට ක්‍රීඩා කළේ නැහැ.

පළමු එක්දින තරගයට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයෙන් ද ස්මිත් සමත් වී තිබුණ ද, ආරක්ෂක පියවරක් ලෙස ඔහුව එම තරගයට ක්‍රීඩා කරවීමෙන් වැළැක්වීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට(13) මැන්චෙස්ටර් හී දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...