නිරෝධායනය සතියක්නම් ශ්‍රී ලංකා සංචාරයට එකගයි – බංග්ලාදේශ ක්‍රිකට්

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායම දින 7ක් නිරෝධායනයට ලක්විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury පවසනවා.

ඉන් අනතුරුව ඔවුන්ට හෝටලයෙන් පුහුණු වීම් කටයුතු සදහා පිටත්විය හැකි යැයි දැනුම් දී ඇති බවයි ප්‍රධාන විධායක නිළධාරීවරයා සදහන් කළේ.

සෞඛ්‍ය බළධාරීන්ගෙන් ලද උපෙදස් ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන ඇති බව සදහන්.

“අපි විශ්වාස කරනවා නිරෝධායන කාලසීමාව දින 7ක් නම්, අපිට ඉදිරියට යන්න පුලුවන් අපේ සැලසුම් සමගින්. වැඩිදුර ප්‍රකාශයක් කිරීමට පෙර අපිට ඉන්න වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ගැන ප්‍රතිචාර දක්වන තුරු.”

යනුවෙන් විධායක නිළධාරී Nizamuddin Chowdhury සදහන් කළා.

“අපේ සමහර විදෙස් පුහුණුකරුවන් සැලසුම් කරමින් ඉන්නේ කොළඹ දී කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ඉතිං අපට දැන ගන්න ඕනෙ ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනීමට නියමිත ක්‍රියාවලිය පිළිබද.”

බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

සංචාරය සදහා බංග්ලාදේශ ප්‍රධාන සංචිතය සහ ඉහළ දක්ෂතා වර්ධන කණ්ඩායමක් (High Performance team) එක්වීමට නියමිතයි.

ඒ අනුව පුද්ගලයින් 60 දෙනෙකු පමණ මෙම සංචාරයට එක් වනු ඇති.

බංග්ලාදේශය සැලසුම් කර ඇත්තේ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියට පෙර බංග්ලාදේශ සංචිතයේ ක්‍රීඩකයින් සහ ඉහළ දක්ෂතා වර්ධන කණ්ඩායම අතර පුහුණු තෙදින තරග දෙකක් මෙරට දී පැවැත්වීමටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...