රථගාලට හයේ පහරක් – බෝලෙ ගේන්නත් පන්දු රකින්නටම යන්න වෙයි

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම සෑම වෘත්තියකටම පාහේ දැඩි බලපෑමක් එල්ල කර ඇති අවධියක ක්‍රිකට් ක්‍රීඩාවට පවා සිදුව ඇති බලපෑම සුලු පටු නොවේ.

මේ තත්ත්වය නිසාම ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැරඹීම තවමත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘත කිරීමට ද අවස්ථාව උදා වී නැහැ.

තරග පැවැත්වීම සදහා ද විවිධ සෞඛ්‍ය නීතිරීතී මාලාවක් හා ආරක්ෂිත ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සංවිධායකයින්ට සිදුව තිබෙනවා.

සියල්ල එසේ සිදු වන අතරවාරයේ ඊයේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාපිටියේ පැවැති ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ප්‍රථම එක්දින තරගය අතරතුර අපූරු සිදුවීමක් වනු දක්නට ලැබුණා.

තරගයේ 27 වන පන්දුවාරයේ දී පැට් කමින්ස් යොමු කළ පන්දුවකට සෑම් බිලින්ග්ස්  එල්ල කල පහරකින් පසුව පන්දුව ක්‍රීඩාපිටියට අයත් රථගාලක් වෙත ඇදී යනවා.

ප්‍රේක්ෂකාගාරයේ නරඹන්නන් ශුන්‍ය වීම නීසා එම පන්දුව රැගෙන ඒමට සිදුවන්නේ ද පන්දුරකිමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් මාෂ්ටයි.

මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව තිබෙනු දක්නට ලැබුණා.

ලොවටම දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති කොරෝනා වසංගත තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවටත් කර ඇති බලපෑම මෙයින් මොනවට පැහැදිලි වනවා.

වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...