කොන්වේ, ගයික්වඩ් හා පන්දු යවන්නන් චෙන්නායි පිල අවසන් වටයට ගෙන යයි

Date:

රුටුරාජ් ගයික්වඩ්ගේ හා ඩෙවෝන් කොන්වේගේ විශිෂ්ඨ අර්ධ ශතක හා දීපක් චහාර් පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 77 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කණ්ඩායම අද(20) සමත් වුණා.

දිල්ලි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 224 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් පන්දු 58 කින් ලකුණු 86 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් සමගින්. වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 22 ක් ලබා දෙමින්. මතීෂ පතිරණ ලකුණු 22 කට කඩුලු 2 ක් බිද හෙලුවා.(දර්ශන පහතින්) තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කළ මහීෂ් තීක්ෂණ එම පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙස යොමු කරමින් කඩුලු 2 ක් දවා ගැනීම කැපී පෙනුණා. ඔහු මෙම තරගයේ දී ලකුණු 23 ක් ලබා දෙමිනුයි කඩුලු 2 බිද හෙලුවේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 223 ක් රැස් කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

ගයික්වඩ් හා කොන්වේ අතර පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 141 ක්. ගයික්වඩ් ලකුණු 79(50) ක් හා කොන්වේ ලකුණු 87(52) ක් රැස් කළා. ගයික්වඩ්ගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 3 ක් ඇතුළත් වුණා.

ශිවම් ඩූබේ ලකුණු 22(9) ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 20(7) ක් රැස් කළා. පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ්, අන්රික් නොකියා හා චේතන් සාකරියා කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...