ක්‍රිකට් මුල් පුටුව යළි ශම්මිට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා අද(20) යළිත් නිතරගයෙන් තේරී පත් වුණා.

ඒ, 2023-2025 කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදීයි.

ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ JAIC Hilton හෝටලයේ දී ආරම්භ වූ අතර, එහිදී ක්‍රිකට් ආයතනයේ නව නිළධාරී මඩුල්ල පත් කර ගැනීම සදහා වන නිලවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් කටයුතු කළා.

ශම්මි සිල්වා මහතා මෙලෙස සභාපතිධූරය සදහා තේරී පත් වුණේ තෙවැනි වරටයි.

ඔහු නිතරගයෙන් තේරී පත් වූ දෙවැනි අවස්ථාව ද මෙයයි.

තේරී පත් වූ නව නිලධාරීන් –

  • President – Shammi Silva
  • Secretary – Mohan de Silva
  • Vice Presidents – Ravin Wickramarathne, Jayantha Dharmadasa
  • Assistant Secretary – Krishantha Kapuwaththa
  • Treasure – Sujeewa Godaliyadda

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...