ජයිස්වාල්, පඩික්කල් හා හෙට්මයර් රාජස්ථාන් බලාපොරොත්තු රැක දෙයි

Date:

යශස්වි ජයිස්වාල් හා දෙව්දත් පඩික්කල් වාර්තා කළ අර්ධ ශතක හා ශිම්රන් හෙට්මයර්ගේ වේගවත් ඉනිම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 66 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 188 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

යළි අසාර්ථක වූ ජොස් බට්ලර් ලකුණු නොලබා දැවී ගියා. ජයිස්වාල් පන්දු 36 කින් ලකුණු 50 ක් ද, පඩික්කල් පන්දු 30 කින් ලකුණු 51 ක් ද රැස් කළා. හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ත් පඩික්කල්ගේ ඉනිමට ඇතුළත්.

හෙට්මයර් පන්දු 28 කින් වේගවත් ලකුණු 46 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් එල්ල කරමින් හෙට්මයර් සිය ඉනිමේ වේගය වැඩි කළා. රියාන් පරාග් ලකුණු 20යි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 40 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ධරම්සාලා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස් කළේ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 50 දී බිද වැටුණු පසුබිමකයි.

සෑම් කරන් පන්දු 31 කින් නොදැවී ලකුණු 49 ක්, ජිටේෂ් ෂර්මා පන්දු 28 කින් ලකුණු 44 ක් හා ශාරුක් ඛාන් පන්දු 23 කින් නොදැවී ලකුණු 41 ක් ලබා ගනිමින් පංජාබ් කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

අවසන් පන්දුවාර දෙකේ දී පංජාබ් කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 42 ක්. පන්දු යැවීමේ දී නව්දීප් සයිනි ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...