Watch : නිලකුණු පන්දුවාරයක් යොමු කරමින් තීක්ෂණ අවසන් පන්දුවාරයේ දී දවා ගත් කඩුලු 2

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ අවසන් පන්දුවාරයේ දී නිලකුණු පන්දුවාරයක් සටහන් කරමින් කඩුලු 2 ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ අද(20) සමත් වුණා.

දිල්ලි හී දී පැවැති මෙම තරගයේ දී චෙන්නායි පිලේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 77 ක ජයක් වාර්තා කළ චෙන්නායි කණ්ඩායම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ද අද(20) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 224 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 22 ක් ලබා දෙමින්. මතීෂ පතිරණ ලකුණු 22 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කළ මහීෂ් තීක්ෂණ මෙම තරගයේ දී ලකුණු 23 ක් ලබා දෙමිනුයි කඩුලු 2 බිද හෙලුවේ.

අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු දෙකකදී තීක්ෂණ සිය කඩුලු 2 දවා ගත් අතර, කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට තිබූ අවස්ථාව ඔහුට අවාසනාවන්ත අයුරින් අහිමි වී ගියා.

අවසන් පන්දුවාරයේ දී දවා ගත් කඩුලු දෙක පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...