රින්කුගේ ප්‍රහාරය අභිබවා එක් ලකුණක තියුුණු ජයක් ලැබූ ලක්නව් පිල අවසන් වටයට

Date:

ජේසන් රෝයි හා වෙන්කටේෂ් අයියර් ලබා දුන් වේගවත් ආරම්භය හා රින්කු සිංගේ හුදෙකලා සටන අපතේ යවමින් නිකලස් පූරාන්ගේ ඉනිමෙන් හා පන්දු යවන්නන්ගේ දක්ෂතාවලින් ශක්තිමත් වූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අද(20) සමත් වුණා.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලක්නව් කණ්ඩායම සතු වුණා.

මෙම පරාජයත් සමග කොල්කාටා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ අනුව අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට උදා වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස් හෝ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් තුනෙන් එක් කණ්ඩායමකට පමණයි. ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් ද අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

අද පැවැති තරගයේ කොල්කටා හඹා යමට වේගවත් ආරම්භයක් ලබා දීමට ජේසන් රෝයි හා වෙන්කටේෂ් අයියර් සමත් වුණේ පන්දුවාර 5.5 ක් තුළ ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

අයියර් ලකුණු 24(15) කට දැවී ගිය අතර, රෝයි ලකුණු 45(28) යි. කෙසේ වෙතත්, අනතුරුව රින්කු සිං හැරුණු විට සෙසු කිසිදු පිතිකරුවෙකු දක්ෂතා දැක්වීමට සමත් වුණේ නැහැ. නිටිෂ් රානා ලකුණු 8 කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 10 කටත්, අන්ඩ්‍රි රසල් ලකුණු 7කටත්, ශර්දුල් තාකූර් ලකුණු 3 කටත්, සුනිල් නාරායන් එක් ලකුණකටත් දැවී ගියා.

රින්කු සිං පන්දු 33 කින් නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් මොහොත දක්වා දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය අසාර්ථක වුණා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ඔවුන්ට ලකුණු 21 ක් අවශ්‍ය වූ අතර, යශ් තාකූර් යොමු කළ එම පන්දුවාරයේ සිව්වැනි, පස්වැනි හා 6 වැනි පන්දුවලට පිළිවෙලින් හයේ පහරක්, හතරේ පහරක් හා හයේ පහරක් එල්ල කිරීමට රින්කු සමත් වූ නමුත් එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි හා යශ් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 176 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

මුල්පෙල හා මැදපෙල පිතිකරුවන් රැසකගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක නිකලස් පූරාන් පන්දු 30 කින් ලකුණු 58 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී වයිබව් අරෝරා, ශර්දුල් තාකූර් හා සුනිල් නාරායන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...