එංගලන්ත ආබාධ අර්බුදය උග්‍ර අතට

Date:

එංගලන්ත හා සසෙක්ස් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් වළලුකර ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ, එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ Glamorgan කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය අතරතුර දී යි.

ඒ අනුව ඔහු හෙට(22) දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දීමට නියමිතව සිටින බව සදහන්.

අයර්ලන්තයට එරෙහිව ජූනි පළමු වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතයට ඔහුව නම් කර ඇති පසුබිමකයි රොබින්සන් මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ. ඔස්ට්‍රේලියාවට එරෙහි අළුබදුන ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට ද තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණයි.

එංගලන්ත වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුම මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා.

ඒ අනුව අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු ජේම්ස් ඇන්ඩර්සන් ද ආබාධයකින් සුව වෙමින් පසුවන බැවින් අළුබදුන තරගාවලියට පූර්වාරක්ෂාවක් ලෙස අයර්ලන්ත ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා නොකරනු ඇති.

වැලමිටෙහි ආබාධයකට ලක් වූ ජොෆ්ර ආචර්ට ද එළඹෙන ගිම්හාන තරග වාරයෙන් ද ඉවත් වීමට සිදුව ඇති අතර, පාදයක ආබාධයක් හේතුවෙන් ඔලී ස්ටෝන්ට ද සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...