RCB ජයෙන් පසු වෙනස් වූ ප්‍රසාද ලකුණු සටහන ; තවත් තීරණාත්මක තරගයක් අද

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගය ඊයේ (18) රාත්‍රියේ නිමා වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමි කර දෙමින්.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව මෙතෙක් සිව්වැනි ස්ථානයේ රැදී සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට 5 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

බැංලෝර් කණ්ඩායම තරග 13 කට ක්‍රීඩා කර තරග 7 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටිනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගෙන ඇත්තේ තරග 13 කින් තරග 9 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 18 ක් හිමි කර ගනිමින්.

තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග 13 කදී ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ප්‍රසාද ලකුණු 12 බැගින් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථානවල රැදී සිටිනවා.

තරගාවලියේ 66 වැනි තරගය අද ධරම්සාලා හී දී පැවැත්වෙන්නේ පංජාබ් කිංග්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

එම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

ප්‍රසාද ලකුණු සටහන –

BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...