ක්ලාසන්ගේ 104 අපතේ යයි ; කෝලි – ෆෆ් වාර්තාගත සම්බන්ධතාවය RCB පිලට ජය ගෙනෙයි

Date:

හෙන්රික් ක්ලාසන් වාර්තා කළ විශිෂ්ඨ ශතකය අපතේ යවමින් විරාත් කෝලි හා ෆෆ් ඩු ප්ලෙසිස් පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 172 ක සම්බන්ධතාවය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(18) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තා. හයිදරාබාද් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 187 ක ඉලක්කයක් හඹා ගිය බැංගලෝර් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපිරි ශතකයක් වාර්තා කළ විරාත් කෝලි පන්දු 63 කින් ලකුණු 100 ක් ලබා සිටියදී දැවී ගියේ බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේයි. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් කෝලිගේ ඉනිම වර්ණවත් කළා. කෝලි අද වාර්තා කළේ සිය 6 වැනි අයි.පී.එල් ශතකයයි. ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 47 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 71 ක්. ෆෆ් ලකුණු 41 ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දී දැවී ගියද එය නිපන්දුවක් වීම හේතුවෙන් ඔහු තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.(දර්ශන පහතින් නරඹන්න)

විරාත් කෝලි හා ෆෆ් ඩු ප්ලෙසිස් ගොඩ නැගූ ලකුණු 172 ක සම්බන්ධතාවය මෙවර තරග වාරයේ දී පිතිකරුවන් දෙදෙනෙකු අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයයි. පළමු පන්දුවේ සිටම වේගවත් පිතිහරඹයක නිරත වූ බැංගලෝර් කණ්ඩායම ලකුණු 50 වාර්තා කළේ පන්දුවාර 4.2 ක් තුළදීයි. ලකුණු 100 පන්දුවාර 11.1 ක් තුළ වාර්තා වුණා. පන්දුවාර 15 ක් අවසානයේ දී යි ඔවුන් ලකුණු 150 වාර්තා කළේ.

© Associated Press

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් පන්දු 51 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හැරී බෘෘක් නොදැවී ලකුණු 27 යි. පන්දු යැවීමේ දී මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 13 කට කඩුලු 2 ක් දවා ගත්තා.

මෙම තරගය සදහා ද බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සුළු ආබාධයකට ලක්ව සිටින වනිදු හසරංග ක්‍රීඩා කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...