අංක 18 ගැන කෝලි කළ නවතම අනාවරණය

Date:

තමා සහ තමාගේ ජර්සි අංකය වන අංක 18 අතර ඇති බැදීම පිළිබද ඉන්දීය හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි යළි අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ, Star Sports මාධ්‍ය ආයතනය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

ඔහුගේ ජර්සි අංකය හා ඔහු අතර පවතින සම්බන්ධය ගැන ඇතැම් විට ඔබ මීට පෙර අසා ඇති.

කෙසේ වෙතත්, විරාත් කෝලි අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී සදහන් කළේ ජර්සි අංකය ලෙස අංක 18 තමා ඉල්ලීමක් සිදු කර ලබා ගත් අංකයක් නොවන බවයි.

තමා වයස අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දී පළමුව තමන්ට එම ඉලක්කම ලබා දී තිබූ බව කෝලි සදහන් කළා.

නමුත් පසුව එය තමාට ඉතා වැදගත් අංකයක් බවට පත් වූ බවයි කෝලි කියා සිටියේ.

තමා ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2008 වසරේ අගෝස්තු 18 වැනිදා බවත්, සිය පියා අභාවප්‍රාප්ත වූයේ 2006 වසරේ දෙසැම්බර් 18 වැනිදා බවත් කෝලි මෙම සම්මුඛ සාකච්ඡාවේ දී පෙන්වා දුන්නා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...