බ්‍රාවෝ යළිත් පොලාඩ් හා සිමන්ස් සමග එක්වෙයි

Date:

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී පී එල්) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඩ්වේයන් බ්‍රාවෝ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමේ සිට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග යළි එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු යළිත් නායක කයිරන් පොලාඩ් හා පුහුණුකරු පිල් සිමන්ස් සමගින් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

පොලාඩ්, සුනිල් නරේන්, අන්ඩ්‍රි රසල් හා නිකලස් පූරාන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා මෙවරත් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී ශුරතා 4 ක් ජය ගනිමින් වඩාත් සාර්ථකම සී.පී.එල් කණ්ඩායම ලෙස ඉතිහාසගත වී සිටින ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට පසුගිය වසරේ දී ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ අවසන් ස්ථානයයි.

ඒ අනුව playoffs හෙවත් අවසන් වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පළමු වරට ඔවුන්ට අහිමි වුණා.

බ්‍රාවෝ මේ දිනවල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග රැදී සිටින්නේ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසයි. කයිරන් පොලාඩ් ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

සී පී එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන බ්‍රාවෝ ඉනිම 91 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 124 ක්. එමෙන්ම 20යි 20 කඩුලු 615 ක් දවා ගෙන සිටින බ්‍රාවෝ 20යි 20 තරග පිටියේ වැඩිම කඩුලුලාභිය ද වනවා.

මේ අතර, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මෙතෙක් එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ Malolan Rangarajan පත් කර තිබෙනවා.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ඔෂේන් තෝමස් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමේ සිට නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම වෙත පැමිණ ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...