නයිට් රයිඩර්ස් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු පුහුණුකරු පිල් සිමන්ස් පත් කර තිබෙනවා.

අභිෂේක් නයාර් වෙනුවටයි ඔහුව එම ධූරය සදහා පත් කර ඇත්තේ. මේ වන විට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අභිෂේක් නයාර්.

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී ශුරතා 4 ක් ජය ගනිමින් වඩාත් සාර්ථකම සී.පී.එල් කණ්ඩායම ලෙස ඉතිහාසගත වී සිටින ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට පසුගිය වසරේ දී ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ අවසන් ස්ථානයයි.

ඒ අනුව playoffs හෙවත් අවසන් වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පළමු වරට ඔවුන්ට අහිමි වුණා.

පිල් සිමන්ස් මීට පෙර ද කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, අවසන් වරට ඔහු බාර්බඩෝස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සී.පී.එල් ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

ඔහු කොදෙව් කණ්ඩායමට අමතරව‍ සිම්බාබ්වේ, අයර්ලන්තය හා ඇෆ්ඝනිස්තානය යන රටවල්වලද පුහුණුකරු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...