පංජාබ් කිංග්ස් අවධානමක ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගය ඊයේ (17) රාත්‍රියේ නිමා වුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට තියුණු පරාජයක් උරුම කරමින්.

මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටීමට පංජාබ් කණ්ඩායමට සිදු වූ අතර, අවසන් වටය සදහා සුදුසුකම් ලැබීමේ ඔවුන්ගේ බලාපොරොත්තු ද අවධානමකට ලක්ව තිබෙනවා.

ඒ, තරග 13 කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 12 කට හිමිකම් කියන පංජාබ් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 14 සීමාව අභිබවා යාමට නොහැකි වී ඇති බැවින්.

මේ වන විට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගෙන ඇත්තේ තරග 13 කින් තරග 9 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 18 ක් හිමි කර ගනිමින්. තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග 13 කදී ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ඒ අනුව තවත් එක් තරගයක් පමණක් පංජාබ් කණ්ඩායමට ඉතිරිව ඇති බැවින් ඔවුන්ට එම කණ්ඩායම් තුනම ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට ළගා වීමට හැකි වන්නේ නැහැ. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තරග 13 කට ක්‍රීඩා කර ඉන් තරග 7 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවනවා. ඒ අනුව පංජාබ් කණ්ඩායමට මුම්බායි කණ්ඩායම ලබා සිටින ප්‍රසාද ලකුණු ප්‍රමාණය පමණක් ළගා කර ගත හැකි නමුත්, මුම්බායි කණ්ඩායම ද මීළග තරගයෙන් පරාජයට පත්වීම ඒ සදහා සිදු විය යුතුයි.

කෙසේ වෙතත්, මේ වන විට තරග 12 කට පමණක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 12 ක් ලබා පස්වැනි ස්ථානයේ රැදී සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙන්ම, තරග 13 කින් ප්‍රසාද ලකුණු 12 ක් ලබා 6 වැනි ස්ථානයේ පසුවන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත්, තරග 13 කින් ප්‍රසාද ලකුණු 12 ක් ලබා 7 වැනි ස්ථානයේ රැදී සිටින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් ප්‍රසාද ලකුණු 14 ක් ලබා ගැනීමේ අවස්ථාව පවතින බැවින් පංජාබ් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව මේ වන විට ඉතා සීමිත වී තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග 13 කින් තරග 5 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 10 ක් ලබා 9 වැනි ස්ථානයේ පසුවන අතර, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම තරග 12කින් ප්‍රසාද ලකුණු 8 ක් ලබා 10 වැනි ස්ථානයේ පසුවනවා.

තරගාවලියේ 65 වැනි තරගය අද හයිදරාබාද් හී දී පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

ප්‍රසාද ලකුණු සටහන –

IPLT20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...