ලිවින්ග්ස්ටන්ගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි ; රොසෝවේගේ 82* කැපිටල්ස් ජය තහවුරු කරයි

Date:

ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 48 කින් වාර්තා කළ ලකුණු 94 අපතේ යවමින් රයිලි රොසෝව්ගේ සුපිරි ඉනිමෙන් ශක්තිමත් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 15 කින් පරාජයට පත් කිරීමට සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 214 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198 ක් පමණයි.

නායක ශිකර් ධවාන් ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගියා. ප්‍රබ්සිම්රන් සිං ලකුණු 22යි. Atharva Taide පන්දු 42 කින් ලකුණු 55 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. ශාරුක් ඛාන් ලකුණු 6කට දැවී ගියා.

ලියම් ලිවින්ග්ස්ටන් රැස් කළ ලකුණු 94 ට හයේ පහර 9 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ඉෂාන්ට් ෂර්මා හා අන්රික් නොකියා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ධරම්සාලා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දිල්ලි කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 213 ක් රැස් කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

දිල්ලි ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 94 ක සම්බන්ධතාවයක් පන්දුවාර 10.2 ක් තුළ ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ප්‍රිත්වි ෂෝ සමත් වුණා.

වෝනර් පන්දු 31 කින් ලකුණු 46 ක් ලබා සිටියදී දැවී ගිය අතර, ප්‍රිත්වි ෂෝ පන්දු 38 කින් ලකුණු 54 ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රයිලි රොසෝව් පන්දු 37 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්. හයේ පහර හා හතරේ පහර 6 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පිල් සෝල්ට් නොදැවී ලකුණු 26(14) යි.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 36 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...