චෙන්නායි පරාජයෙන් පසු නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 61 ක් මේ වන විට අවසන්ව තිබෙනවා.

මූලික වටය යටතේ තරග 9ක් පමණක් තවත් ඉතිරි වී ඇති අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හැරුණු විට සෙසු සියලු කණ්ඩායම්වලට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවදුරටත් අවස්ථාව පවතිනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් හිමි කර ගෙන සිටින්නේ තරග 12 කින් තරග 8 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 16 ක් හිමි කර ගනිමින්.

ඊයේ(13) පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා. ඒ, තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තරග 12 කට ක්‍රීඩා කර ඉන් තරග 7 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 13 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් හතරම ප්‍රසාද ලකුණු 12 බැගින් ලබා ඇති අතර, ඔවුන් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථානවල පසුවනවා.

සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා රැදී සිටින්නේ පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානවලයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...