පළමු සුපර් ලීගය අවසන් වෙයි ; ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න

Date:

පළමු වරට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් හදුන්වා දුන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය මේ වන විට අවසන්ව තිබෙනවා.

ඒ, අයර්ලන්තය හා බංග්ලාදේශය අතර ඊයේ(14) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයත් සමගයි.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් තෝරා ගැනීමේ අරමුණින් මෙම ලීගය හදුන්වා දුන් අතර, ඒ අනුව එහි ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 හිමි කර ගත් කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් නවසීලන්තය, දෙවැනි ස්ථානය හිමි කර ගත් එංගලන්තය, තෙවැනි ස්ථානය හිමි කර ගත් බංග්ලාදේශය, සිව්වැනි ස්ථානය දිනා ගත් සත්කාරක ඉන්දියාව, පස්වැනි ස්ථානය හිමි කර ගත් පාකිස්තානය, 6 වැනි ස්ථානය දිනා ගත් ඔස්ට්‍රේලියාව, 7 වැනි ස්ථානය හිමි කර ගත් ඇෆ්ඝනිස්තානය හා 8 වැනි ස්ථානය හිමි කර ගත් දකුණු අප්‍රිකාව එලෙස ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

සෙසු රටවල් 5 ට ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ හා නෙදර්ලන්තය යන රටවලට ජූනි 18 වැනිදා සිට සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනවා.

අවසන් ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...