මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග 61 ක් මේ වන විට අවසන්ව තිබෙනවා.
මූලික වටය යටතේ තරග 9ක් පමණක් තවත් ඉතිරි වී ඇති අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හැරුණු විට සෙසු සියලු කණ්ඩායම්වලට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවදුරටත් අවස්ථාව පවතිනවා.
ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් හිමි කර ගෙන සිටින්නේ තරග 12 කින් තරග 8 ක් ජය ගෙන ප්රසාද ලකුණු 16 ක් හිමි කර ගනිමින්.
ඊයේ(13) පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා. ඒ, තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින්.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තරග 12 කට ක්රීඩා කර ඉන් තරග 7 ක් ජය ගනිමින් ප්රසාද ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවනවා.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්රසාද ලකුණු 13 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් හතරම ප්රසාද ලකුණු 12 බැගින් ලබා ඇති අතර, ඔවුන් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථානවල පසුවනවා.
සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් දෙක ප්රසාද ලකුණු 8 බැගින් ලබා රැදී සිටින්නේ පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානවලයි.
නවතම ප්රසාද ලකුණු සටහන –
All eyes 👀 on the 𝙋𝙤𝙞𝙣𝙩𝙨 𝙏𝙖𝙗𝙡𝙚!
At the end of Match 6️⃣1️⃣ of #TATAIPL 2023, here’s how the Points Table stands! 🙌
Which position is your favourite team on currently? 🤔 pic.twitter.com/WWqob5cAA1
— IndianPremierLeague (@IPL) May 14, 2023

