ශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද(15) නිවේදනය කළා.

හෂ්මටුල්ලාහ් ශහිඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වේග පන්දු තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුල් රහ්මාන් ද සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පසුගිය නොවැම්බර් මාසයේ පැවැති එක්දින තරගාවලිය සදහා වූ සංචිතයට ඇතුළත් වූ ගුල්බදීන් නයිබ්, ශහිදුල්ලාහ් කමාල්, යමින් අහ්මඩ්සායි හා රහ්මන් අක්බාර් අතිරේක ක්‍රීඩකයින් ලෙසයි මෙවර නම් කර ඇත්තේ.

එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

මැයි 29 වැනිදා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතයි.

Afghanistan Squad for Sri Lanka Series:

Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Rahmanullah Gurbaz (WK), Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail (WK), Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi, Farid Ahmad Malik.

Reserve players :

Gulbadain Naib, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia ur Rahman Akbar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...