අයර්ලන්තය සමග ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගය සදහා ක්රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්ට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ ලැන්කෂයර් ප්රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කරමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන්.
සමර්සෙට් කණ්ඩායම සමග පැවැති සිව්දින තරගයේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක් වූ අතර, එම තරගයේ පළමු දිනයේ දී ඔහු ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.
කෙසේ වෙතත්, ආබාධය හේතුවෙන් පළමු දිනයෙන් පසුව ඔහු යළි එම තරගය සදහා ක්රීඩා කළේ නැහැ.
අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතය ලබන සතියේ දී ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
අලුබදුන ටෙස්ට් තරගාවලිය ද ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි ඇන්ඩර්සන් මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ.

