Watch : මුම්බායට හිසරදයක් වෙමින් රෂීඩ් ගහපු සුපිරි හයේ පහර 10 මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නන්ට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කිරීමට ගුජරාට් ටයිටන්ස් තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඊයේ (12) රාත්‍රියේ සමත් වුණා.

කෙසේ වෙතත්, සූර්යකුමාර් යාදව් රැස් කළ විශිෂ්ඨ ශතකයෙන් සවිමත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි.

රෂීඩ් ඛාන් පන්දු 32 කින් නොදැවී වේගවත් ලකුණු 79 ක් ලබා ගනිමින් මුම්බායි පිලට දැවැන්ත ජයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව අහිමි කළා. දැවැන්ත හයේ පහර 10 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රෂීඩ් එල්ල කළ හයේ පහර 10 පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...