ටෙක්ටර්ගේ සුපිරි ඉනිම අපතේ යයි ; නජ්මුල්-මුෂ්ෆිකර් බංග්ලාදේශයට ජය ගෙනෙයි

Date:

හැරී ටෙක්ටර් වාර්තා කළ ලකුණු 140 අපතේ යවමින් නජ්මුල් හොසේන් රැස් කළ විශිෂ්ඨ ශතකය හමුවේ අයර්ලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම් සමත්වුණා.

එංගලන්තයේ Chelmsford හි පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කෙරුණා.

තරගයේ කාසිය වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 45 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 319 ක් ලබා ගනිමින්.

ටෙක්ටර් පන්දු 113 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. හයේ පහර 10 ක් සහ හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ජෝර්ජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 74ක් වාර්තා කළේ පන්දු 47 කින්. ඒ, 6 පහර 4 ක් සහ හතරේ පහර 3ක් ද සමගින්.

පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් හසාන් මහ්මුද් හා ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු තුනක් ඉතිරිව තිබිය දී කඩුලු 7 ක් දැවි ලකුණු 320 ක් ලබා තරගය ජය ගත්තා.

නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 117 ක් පන්දු 93 කින් වාර්තා කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 12 ක් සමගින්. Towhid Hridoy  ලකුණු 68 ක් ලබා ගත්තා. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් අවසන් පන්දුවාරයේ දී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී කර්ටිස් කැම්පර් හා ජෝර්ජ් ඩොක්‍රෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මේ වට විට තරග 1-0 ක් ලෙස බංග්ලාදේශය පෙරමුණේ පසුවනවා. දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරවයි අවසන් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...