දකුණු අප්‍රිකා ක්‍රිකට් අත්හිටුවයි – ක්‍රිකට් තහනමක් පැනවෙන ලකුණු

Date:

දකුණු අප්‍රිකානු ඔලිම්පික් කමිටුව විසින් එරට ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඔලිම්පික් කමිටුව විසින් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය භාර ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට ලිඛිතව දන්වා ඇත්තේ සියලු පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙසයි.

ක්‍රිකට් ආයතනයේ කටයුතු පිළිබද විමර්ශනයක් සිදු කිරීමට කාර්යය කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව සදහන්.

කෙසේ වෙතත්, මෙලෙස ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවීමට ගත් තීරණය ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සලයේ නීතිවලට පටහැනි වනවා.

අයි.සී.සී නීති ප්‍රකාරව කිසිදු ක්‍රිකට් ආයතනයක් සදහා රජයේ මැදිහත්වීමක් සිදු විය නොහැකියි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජාත්‍යන්තර තරග තහනම් වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...