සිව්වන වරටත් CPL ශූරතාවය අපරාජිත නයිට් රයිඩර්ස් කණ්ඩායමට

Date:

සිව්වන වරටත් කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර සී.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔවුන් ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 154ක්.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 39ක්, මාර්ක් ඩෙයාල්(Mark Deyal) ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නායක කිරන් පොලාඩ් ලකුණූ 30කට කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 49කින් නොදැවී ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමගින්.

ඩැරන් බ්‍රාවෝ නොදැවී ලකුණු 58යි.

ඔවුන් දෙදෙනා අතර තෙවන කඩුල්ලට ගොඩනැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 138ක්.

තරගයේ වීරයා සම්මානයෙන් ලෙන්ඩ්ල් සිමන්ස් සම්මාන දිනූ අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කිරන් පොලාඩ්.

ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී කිසිදු තරගයක් පරාජයට පත් නොවීම විශේෂත්වයක්.

ඔවුන් මීට පෙර 2015, 2017 සහ 2018 යන වසරවලදී ද CPL ශූරතාවය දිනා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...