ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (9) නිල වශයෙන් නිවේදනය කළා.

මෙම සංචාරයේ දී දෙරට අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මැයි 29 වැනිදා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිත බවත්, එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය නොවැම්බර් මාසයේ දී ද මෙරට තරග සංචාරයක නිරත වූ අතර, එහිදී පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.

නොවැම්බර් මාසයේ පැවැති එම එක්දින තරගාවලිය මෙම වසර මුල පැවැත්වීමට පළමුව නියමිතව තිබූ නමුත්, පසුව කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන් සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමටයි පියවර ගැනුණේ.

එවැනි පසුබිමක යළිත් වරක් ඇෆ්ඝනිස්තානය සමග මෙම වසරේ දී තවත් එක්දින තරගාවලියකට සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කිරීම විශේෂත්වයක්.

ජූනි 18 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හී දී 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් එම තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...